අමුතුම IPTV අත්දැකීම
කවුරුත් දන්නව ඇතිනෙ IPTV සේවාව සම්බන්ධව, අපේ රටේ ඉන්න හොඳම සේවා සම්පාදකයා වන SLT වෙතින් ලංකාවේ ප්‍රථම වරට ලබා දෙන තවත් අනගිතම සේවාවක්. තවමත් මේ ගැන දන්නේ නැතිනම් මෙතැනින් බලන්නකො. පාරිභෝගිකයින්ට කවදත් හොඳින් සලකන SLT එක දැනට ADSL පාවිච්චි කරන අයට ලබා දෙන අපූරුම IPTV දීමනාව ගැන මටත් ආරංචි වුනා. ඉතින් සති අන්තයේ ගෙදර ගිය වෙලාවක මේ ගැන දැනගන්න SLT TELESHOP එකට ගොඩවුනා. බලාගෙන යද්දි අපූරුම දීමනාවක්, 4 Port Router + Set-Top Box සහ IPTV සම්බන්දතාවය යන මේ සියල්ලම රු.1000 කට( හැබැයි අවුරුදු දෙකක Contract Period එකක් ) ඉතින් තවත් බලන් ඉන්නෙ මොකද, ඒ වෙලාවෙම ඉල්ලුම්පත්‍රයක් දුන්නා.
ඔන්න ඉතින් මේ අසිරිමත් IPTV අත්දැකීම විඳගන්න බලන් ඉන්නකොට අමුතුම අත්දැකීමක් විඳගන්න ලැබුනා. මට තියෙන්නෙ 512/128kbps ADSL සම්බන්ධතාවයක්. මෙන්න බලන්නකො වෙලා තියන දෙයක්. IPTV වලට ඉල්ලුම කල දවසෙ ඉඳලා මෙහෙම තමයි.







Downlink Speed වත් වැඩිවෙලාද? නෑ නෑ ඒකනම් වෙනද වගේම තමයි. මෙහිදී වෙනමම 3Mbps පරාසයක් IPTV සේවාව සඳහා යොදාගත්තත් එය දත්ත ගමන් කිරීම සඳහා භාවිත වෙන්නේ නෑ.
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
Mobitel එකට කතා කරන්න ගිහිල්ලා ගොඩක් අයට වෙච්ච දේවල් දැකලා මටත් සිද්ධ වෙච්ච දෙයක් ගැන කියන්න හිතුනා. ඔන්න දවසක හා හාපුරා කියලා Daily Delight activate කරලා Modem එකට Sim එක දැම්මාම තමයි මතක් වුනේ APN, Access Number එහෙම දන්නෙ නැති විත්තිය. ඉතින් දෙතුන් පාරක් try කරලා යාන්තම් ඔන්න ගැණු ලමයෙක්ව Mobitel Customer Service එකෙන් set කර ගත්තා. කෙලින්ම මගේ ප්‍රශ්නය ඇහුවා, මෙන්න එයා මගෙන් අනිත් පැත්තට අහනවා Modem එක මොකක්ද කියලා. මම කිව්වා එකෙන් වැඩක් නෑ නේ, මට විස්තර කියන්න කියලා. මෙන්න ආයමත් මේ ගෑනි මට කියනවා “සර් සමහර Modem Network lock, ඒවට Sim එක වැඩ නෑ” කියලා. මම Modem කතාවක් එයාට කිව්වෙ වත් නෑ, එයා කොහෙද යන Modem එකක් අල්ලගෙන ( ඇත්තම කියනවනම ඒ Modem එක Unlock කර ගත්ත එකක් ) ඒක ගැන අහනවා. එයා ඉතින් ඇහුව ප්‍රශ්නෙට උත්තර දුන්නනම් ඉවරයිනේ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ වැඩක් නේ මේක. බැරිම තැන මම බැනගෙන බැනගෙන ගියා. අනේ පව් එයා එවා අහන්න ඉන්න බැරුවද කොහෙද හිමින්ම කැපිලා ගියා.
දැන් ඉතින් මොකද කරන්නෙ, වෙලාවට කාලිංග අයියා Online හිටියා. බලද්දි Access Number එක විතරක් ඇති. ඒකත් *99# කියන Universal HSPA Number එක. මට මං ගැනම ලැජ්ජයි, ඕවා අපි දැනගෙන ඉන්න ඕන දේවල්. අපරාදෙ අර ගැණු ලමයට බැනපු වචන ටික…
නිදහස සොයා Airtel වෙත ගියෙමි
ඉවසලා ඉවසලා බැරිම තැන ගියා Airtel එක පැත්තෙ HSDPA සම්බන්ධතාවයක් ලබා ගන්න. මම මෙච්චර කාලයක් භාවිතා කලේ Dialog HSDPA සම්බන්ධතාවයක්, ඒක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ, එච්චරකට ඉස්තරම්. යාන්තම සතියක් විතර හිත හොඳින් අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්, ඊට පස්සෙ වෙන දේ කවුරුත් දන්නවනේ. දවසකට රුපියල් 100 ගානේ කඩා ගෙන වේගය අඩු නොකරන විධියක් තිබුනත් තවමත් රැකියා විරහිත නිසාත් ගෙදර තියන SLT ADSL එක තියා ගන්න ඕන නිසා ඒ වැඩේ අතහැරල දැම්මා. ඔය අතරෙ තමයි Airtel අයගෙ සීමාරහිත සම්බන්ධතවයක් තියනවා කියල දැනගත්තේ. ඒකවත් try කරලා බලන්න හිතාගෙන තමයි Airtel එකට ගොඩවුනේ. පිස්සු හැදෙනවා( ගෑනු ලමයි ටික දැක්කාම
)
ඔන්න ඉතින් එතන හිටපු කෙනෙක් ඒ අයගේ HSDPA ගැන විස්තර කරන්න පටන් ගත්තා. මෙතනදී තමයි මට Airtel ගැන පැහැදීමක් ඇතිවුනේ. මොකද කියනවානම් වෙන අය වගේ බොරු කිවුවෙ නෑ. “මහත්මයා, අපේ සීමාරහිත සේවාවෙ වේගය 3.6Mbps, නමුත් ඒ වේගයම ඔබට ලැබෙන්නේ නෑ, 1 – 1.5Mbps අතර වේගයක් ඔබට බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම ඉන්න ග්‍රාහකයන් ගන්න අනුවත් මෙය වෙනස් වෙන්නවා”. Dialog අයනම් ඔය ටික කියන්නෙ අතිශෝක්තියෙන්නෙ, “අපි 7.2Mbps වේගයක් ලබා දෙනවා” ( මේකෙ ඇත්ත තත්වය කාලිංග අයියගෙ බ්ලොග් එකෙන් වැඩි දුරටත් දැනගන්න පුලුවන්. බැරිම තැන ඒක 1Mbps දක්වා අඩු කලානේ ), “අපේ සම්බන්ධතාවය සීමරහිතයි” ( FUP එක සමග සීමාරහිත වීම ගැන මට නම් හිතා ගන්න බෑ ).
කොහොම හරි සිම් එකක් අරගෙන ඇවිල්ලා දාලා බැලුවා. නරකම නෑ, කිව්වා වගෙම 1Mbps විතර ලැබෙනවා. Upload වේගයත් Dialog එකට වැඩිය නම් හොඳයි. ඒත් ඉතින් පොඩි පොඩි අඩුපාඩුත් තියනවා. රාත්‍රී 9 ට පසුවනම් වේගය සෑහෙන්න අඩු වෙනවා, සාමාන්‍යයෙන් 300 – 400Kbps විතර තමා ලැබෙන්නේ. වේගයේ අඩු වැඩිවීමුත් නැත්තෙමත් නෑ.
වැඩි විස්තර කියන්න තවම කල් මදි. ඉදිරියේදි තවත් මේ ගැන කතා කරන්න පුලුවන්, මොකද තාම මේක ඇත්තටම සීමාරහිතද කියලා දන්නෙ නෑ නේ. ( FUP නම් නැති බව තමයි කියන්නේ, පාවිච්චි කරලම බලමු ) තවත් දෙයක් කියන්න අමතක වුනා. Dialog එකෙන් දෙන Huawei E220 මොඩෙම් එක Unlock කිරීම පිළිබදව හොඳ විස්තරයක් ගයන්ත මල්ලිගෙ බ්ලොග් එකේ තියනවා. ඒ නිසා දැනට Dialog පාවිච්චි කරන අයට Airtel try කරල බලන්න ප්‍රශ්නයක් වෙන්නේ නෑ.


