Airtel BB සමඟ මාසයක්
ඔන්න ඉතින් Airtel BB එක අරගෙන මාසයක් ගෙවුනා, එකේ අත්දැකීම ගැන තමයි මේ කියන්න යන්නේ. කිව්වා වගේම මාසික ගාස්තුව රුපියල් 2000කට ආසන්නයි (1500 + බදු) ඒ වුනාට ඉතින් පාඩුවක් නෑ, හිතේ හැටියට නිදහසේ පාවිච්චි කලා, මොකද FUP නෑනේ. මම හිතන විදියට 20GB ට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් පසුගිය මාසය තුල පාවිච්චි කලා, වේගයේ වෙනස්වීමක් නම් සිදුවුනේ නෑ. (Dialog එකත් FUP ඉවත් කරන්න යනවා කියල ආරංචී, බලමු ඇත්තක්ද කියලා)
සාමාන්‍යයෙන් උදෑසන කාලයෙත් (පෙරවරු 11 පමණ දක්වා) රාත්‍රී 10න් පසුවත් 1.5mbps දළ වේගයක් ලැබෙනවා, නමුත් අනෙක් අවස්ථාවලට නම් ලැබෙන්නේ 1mbps පමණ වේගයක්. සවස 4-7 අතර කාලය තුලත් 1.5mbps ට ආසන්න වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
මේ තියෙන්න උදෑසන වරුවක ලබාගත් වේග සටහන් කිහිපයක්. මෙහිදී තවත් කරුණක් සඳහන් කලයුතුයි, එනම් වේග සටහන් වලින් පෙන්වනවාට වඩා වේගයක් බාගතකිරීමේදී ලබා ගත හැකියි. ඒ බව පහත සටහන් වලින් පැහැදිලි වෙනවා.
මෙහිදී පැය 2ක පමණ කාලයක් තුලදී 1.5GB වන දත්ත ප්‍රමාණයක් බාගත කර තිබෙනවා.
ඉහත දැක්වෙන්නේ සවස 6ට පමණ IDM මගින් බාගත කිරීමකදී ලැබුනු වේගයක්. උදෑසන කාලයෙනම් බොහෝවිට ඒකාකාරී වේගයක් ලබා ගන්න පුළුවන් නමුත් අනෙක් වෙලාවන්වලදී නම් වේගයේ බොහෝ වෙනස්වීම සිදුවෙනවා.
Vuze මගින් HD Video බාගත කිරීමකදී ලැබුණු වේගයන්
කොහොම නමුත් මේ සියල්ලටම Signal තත්වය හොඳින් පැවතිය යුතුයි. මගේ සිග්නල් තත්වය නම් සාමාන්‍යයි. Signal නැත්තටම නැතිවී යන අවස්ථාත් තිබෙනවා. සාමාන්‍යයෙන් වැස්සකට පසු Signal තත්වය නැවත යථාතත්වයට පත්වීමට පැයක් වත් ගතවෙනවා.
ඔන්න ඉතින් ඔහොම තමයි පසුගිය මාසය Airtel එක්ක ගෙවිලා ගියේ.
Comments
11 Comments on Airtel BB සමඟ මාසයක්
-
Chanux on
සඳුදා, 16th මාර්තු 2009 පෙ.ව. 7:54
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 16th මාර්තු 2009 ප.ව. 6:42
-
Thilanka on
සඳුදා, 16th මාර්තු 2009 ප.ව. 10:16
-
කිසංක on
බදාදා, 18th මාර්තු 2009 ප.ව. 3:44
-
Kesara on
බ්‍රහස්, 19th මාර්තු 2009 ප.ව. 5:02
-
කිසංක on
බ්‍රහස්, 19th මාර්තු 2009 ප.ව. 6:54
-
nuwan on
සෙන, 21st මාර්තු 2009 පෙ.ව. 11:40
-
Akila on
සඳුදා, 23rd මාර්තු 2009 ප.ව. 6:41
-
asanka on
සඳුදා, 8th ජූනි 2009 ප.ව. 7:01
-
කිසංක on
සඳුදා, 8th ජූනි 2009 ප.ව. 8:18
-
asanka on
බ්‍රහස්, 11th ජූනි 2009 පෙ.ව. 12:59
මේ ගැන ලිව්වාට ස්තුතියි. Dialog ගුණාත්මක බව වැඩි කරන්නෙ නැත්තම් මමත් Airtel හෝ Mobitel වලට මාරු වෙනවා. තීරණයක් ගන්න මේ වගේ blog posts ගොඩාක් උදව් වෙයි.
(Dialog HSPA නම් දැන් ඇති වෙලා ඉන්නෙ.)
මමත් දැන් සති දෙකක් පමණ Airtel BB භාවිතා කරා, ඇත්තමයි මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකමයි. අසීමිත දත්ත ප්‍රමාණය නිසා හිතේ හැටියට අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්නේ.
aththa aththa,oya kiyanakota thamai matath pahadili wenne….
@තිලංක
ආ ඔයා හොඳටම මේ ගැන දන්නවනේ…
පේන විදියට දැනට Airtel Broadband සාර්ථකයි වගේ. තාම ආවරණය ප්‍රධාන නගර වල විතරයි. වෙනත් නගරවලටත් ව්‍යාප්ත වුනහම slow වෙයිද sure නැහැ. ගන්න කලින් හිතන්න වෙනවා.
@කේසර
ඔව් ඔව් ආවරණය තියනවනම් ගොඩක් හොඳයි.
මේ විදියට අත් දෑකිම් විස්තර කිරිම නම් අගය කරන්න ඕන.ඒ තුලින් මේ සමාගම් වලින් ලබා දෙන සම්බන්දතා ගෑන අපිට ඈත්ත තොරතුරුම ලබාගන්න පුලුවන්.මොකද ඒ අයගෙන් ඈහුවා කියලා අපිට නිවරදිම විස්තර ගන්න අමාරුයිනෙ.තවම මේ පෑත්තට නම් airtel hsdpa නෑ.එත් දෑන් ඒ ගෑන අදහසක් තියෙනවා.ස්තුතියි.
අනෙක් අයත් කියා ඇති පරිදි මෙවැනි අත්දැකීම් බෙද හදා ගැනීම අගය කරමි. ඉදිරියේදි මේ වගේ package එකක් ගන්න ඉන්න අයට වැදගත් වෙයි.
කිසංක,
,එයටෙල් ද?.ඩයලොග් ද?.හරියටම හොඳ.තවමත් මම ඉන්නෙ දෙගිඩියාවෙන්.ඔයා ළඟදී මේ ගැන මොනවත් ලියලා නැහැ.මමත් මගේ මොඩම් එක අන්ලොක් කළා.මොනවද කරන්නෙ කියලා තවම තීරණයක් ගන්න බැරි තත්වෙකයි ඉන්නෙ.මමත් එයටෙල් ගන්නද?.මොකක්ද අලුත්ම තත්ත්වය?.
@අසංක
Airtel ගන්නවානම් නම් signal තත්වය බලලා ඕන දෙයක්. මොකද ගොඩක් අය මේ ගැන හොයලා බලන්නේ නැතුව Airtel අරගෙන දැන් අවුලවෙලා ඉන්නවා. sure නැත්නම් තව ටිකක් ඉවසලා ඉන්න.
කිසංක
මගෙ ගෙදර තියෙන්නෙ එයාටෙල් head office එක ලඟ.මට coverage ප්‍රශ්නයක් නැහැ.මම අහන්නෙ අනෙක් පහසුකම් ගැනයි.
ඔබට සිතෙන දෙය මෙතැන සඳහන් කරන්න...
ඔබගේ රුව ප්‍රතිචාරය සමඟ පලකිරීමට gravatar එකක් ලබා ගන්න.

















