විජයග්‍රහණය…

මැයි 18, 2009 by කිසංක
Filed under: කාලීන, සමාජයීය 

රත්නදීප ජන්මභූමි
ලංකාදීප විජයභූමි
මේ අපේ උදාර වු
මාතෘභූමියයි….
කොතරම් කාර්යබහුල වුවත් මෙවැනි ඓතිහාසික දිනයක සටහනක් නොතබාම ඉන්නට බැරිවුනා. මෙය ජීවිතයේ ප්‍රථම වරට නිදහස් ශ්‍රී ලංකාවක හිදිමින් තබන පළමු සටහන යන්න ගැන සිතන විටත් තරමක සිහිනයක් වගේ, නමුත් ඇත්තටම අද ඒ සිහිනය යථාර්තයක් වෙලා. මෙතරම් කලක් මුළු රටටම පිලිළයක් වු ඒ කුරිරු ත්‍රස්තවාදය මුළු රටෙන්ම තුරන් වෙලා, ඒ ගැන සිහියට නැගෙන විට ඇති වන හැගීම… ඒ සිතුවිල්ල වචන වලින් විස්තර කල නොහැකී.
මෙවැනි උදාරතර මොහොතක් අප රටට උදාකර දීමට ජීවිත පරිත්‍යාගයෙන් අභීතව සටන් කල හමුදාපතිවරු ප්‍රමුඛ වීරෝදාර රණවිරුවනටත්, ඒ සදහා නිසි මගපෙන්වීම ලබාදුන් ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් විශේෂයෙන්ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මගේ ප්‍රණාමය. ජය වේවා!

Comments

One Comment on විජයග්‍රහණය…

  1. nuwansl on අඟ, 19th මැයි 2009 පෙ.ව. 6:15
  2. “සුරකිමු ඔබ ලංකා ‘ දිවිදී මෙවන් විජයග්‍රහනයක් දෑක ගෑනිම ට හෑකි වූ අපත් සෑබවින්ම පිං කරලා තියෙනවා නේද

ඔබට සිතෙන දෙය මෙතැන සඳහන් කරන්න...
ඔබගේ රුව ප්‍රතිචාරය සමඟ පලකිරීමට gravatar එකක් ලබා ගන්න.