ඔබේ ලියකියවිලි ආරක්ෂිතද?
කාලෙකින් බ්ලොග් එකෙ මොනවත් ලියන්න වෙලාවක් ලැබුනේ, පසුගිය දවස් වල වැඩ අධිකබව නිසා පැත්ත පලාතක එන්න වුනේ නෑ. කොහොම වුනත් දවස් තුනක නිවාඩුවක් ලැබුන වෙලාවෙවත් අලුතෙන් යමක් ලියන්න ඕන කියලා හිතුණා.
ගොඩක් අය තමන්ගෙ පෞද්ගලිකත්වයට කැමති, ඒ වගේම සමහර දේවල්වල රහස්‍යභාවයට, මොකද දැන් හරියට හොරු ඉන්නවනේ. මේ ලිපියට අදාල නැති වුනත් දැක්කනේ පහුගිය දවස් වල බ්ලොග් පොස්ට් හොරකම්කරන හොරු වගයකුත් අහුවුනානේ. කොහොම වුනත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ පරිඝණකට ඇතුල්වීමට මුරපදයක් දාගත්තාම ඔක්කොම හරි කියලා. නමුත් මගේ බ්ලොග් සටහන් කියවන අය දකින්න ඇති ඒ මුරපදය ලේසියෙන්ම වෙනස්කරලා පරිඝණකයට ඇතුල්වෙන පුළුවන් විධි තියනවා කියලා. මේ කියන්න යන්නේ එවැනි තත්වයන් යටතේ තමන්ගේ රහස්‍ය හෝ වටිනා ලියකියවිලි ආරක්ෂාකරගන්න පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් ගැන.
මේ මෘදුකාංගය තමයි TrueCrypt. මෙහි විශේෂත්වයන් බොහොමයි, නමුත් ඒ අතරින් ප්‍රධානම දේ තමයි මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වීම. ඒ වගේම මෙහි වඩා ශක්තිමත් AES වැනි encryption ක්‍රමත්, SHA-512 වැනි hashing ක්‍රමයනුත් භාවිතා වෙනවා. මෙමගින් තමන්ට අවශ්‍ය ලියකියවිල්ලක්, ගොනුවක් හෝ එසේත් නැතිනම් දෘඩ තැටියේ කොටසක් වුනත් ආරක්ෂාකරගත හැකියි. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ සම්පුර්ණ මෙහෙයුම් පද්ධතියම TrueCrypt මගින් ආරක්ෂාකරගත හැකි වෙනවා, නමුත් ඒ පහසුකම ඇත්තේ Windows වලට පමණයි.
Windows, Linux හා Mac OS X යන මෙහෙයුම් පද්ධති තුන සඳහාම TrueCrypt සංස්කරණයන් මෙතැනින් ලබාගත හැකී. TrueCrypt භාවිතාකරන ආකාරය දැක්වෙන සටහන බැලීමට මෙතැනින් පිවිසෙන්න, එසේත් නැත්නම් මීට අදාල පහත Video එක නරඹන්න.
TrueCrypt මෙන්ම එවැනි මෘදුකාංග තව බොහෝ ගණනක් ඇතැත් ඒවායින් සියයට අනූවකටත් වඩා නොමිලේ ලබාදෙන ඒවා නොවේ. එවැනි මෘදුකාංග වල සංසන්දනයක් මෙතැනින් බලාගන්න පුළුවන්.
Comments
7 Comments on ඔබේ ලියකියවිලි ආරක්ෂිතද?
-
NUWAN"s lane on
සඳුදා, 6th ජූලි 2009 ප.ව. 11:12
-
කිසංක on
සඳුදා, 6th ජූලි 2009 ප.ව. 11:21
-
Gaveen on
සඳුදා, 6th ජූලි 2009 ප.ව. 11:26
-
කිසංක on
අඟ, 7th ජූලි 2009 ප.ව. 3:55
-
අනූ on
බ්‍රහස්, 9th ජූලි 2009 පෙ.ව. 1:31
-
කිසංක on
බ්‍රහස්, 9th ජූලි 2009 පෙ.ව. 8:47
-
Astronomer IYA on
සඳුදා, 20th ජූලි 2009 පෙ.ව. 10:30
කලකින් ඔබේ බ්ලොග් සටහනේ ලිපියක් කියවීමට ලෑබීම ගෑන සතුටු වෙනවා.ඈත්තටම මෙවෑනි තාක්ශනික ලිපි මගින් ලොකුදෑනුවත් වීමක් වෙනවා.ස්තුතියි ඔබට මිත්‍රයා දිගටම ලියන්න.තව දෙයක් මේ මෘදුකාංගය trial version ekak ද?
@නුවණ්
අම්මො නැත, මෙය නිදහස් හා විවෘත මෘදුකාංගයකී. සම්පුර්ණයෙන්ම නොමිලේ
Glad to see someone in SL writing about this excellent piece of software.
It’s a very poserful and capable encryption systems even out performing commercial software. TrueCrypt is an Open software. You can get the source code also from the same website. However due to a small problem in it’s licensing TrueCrypt license is not OSI or FSF certified yet. But it’s completely free of charge and the source code is readily available.
I have been using TrueCrypt for years, mainly in Linux and can highly recommend it. If you have researched you might have noticed that commercial counterparts cost huge sums to provide even lesser feature.
TrueCrypt supports advanced encryption while also supporting many encryption standards such as AES (Rijndael) and other similar (Serpent, Twofish) encrytion algorithms making it one of the best cryptography software around.
Thanks Kisanka for the write up.
@Gaveen
TrueCrypt ගැන තවත් වැදගත් තොරතුරු සැපයුවාට ඔබට බොහොම ස්තූතී!
පුංචි ප්‍රශ්ණයක්..
මොනව හරි වෙලා අලුතෙන් වින්ඩෝස් දාන්න වුනොත් අවුලක් නැතුව ඩේටා ආයෙමත් ගන්න පුලුවන් ද?
@අනූ
ඔව් පුලුවන්, ඒ වගේ අවස්ථාවකටනම් මුහුණදීලා නෑ, නමුත් එක් පරිඝනකයක සිට TrueCrypt මඟින් සුරකින ලද දත්ත වෙනත් පරිඝණකයක පිහිටුවා ඇති TrueCrypt මඟින් විවෘත කරන්න පුලුවන්. ඒ කියන්නේ වින්ඩොස් අලුතෙන් දාන්න වුනා කියලා තිබුණු දත්ත ලබා ගැනීමට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
HI
Thanks for the great post,
Gotta try this out ASAP,
Keep blogging
ඔබට සිතෙන දෙය මෙතැන සඳහන් කරන්න...
ඔබගේ රුව ප්‍රතිචාරය සමඟ පලකිරීමට gravatar එකක් ලබා ගන්න.



