ලිනක්ස් වලිනුත් පුළුවන්!
Filed under: අධ්‍යාපනික, ක්‍රම සහ විධි, තාක්ෂණික, නිර්මාණ, මෘදුකාංග, මෙහෙයුම් පද්ධති
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ ගොඩක් දේවල් ලිනක්ස් වලින් කරන්න බෑ කියලනේ. එක අතකින් ඒක සාධාරණයි, මොකද අපෙ රටේ තොරතුරු තාක්ෂණයේ දියුණුවට පිහිටුවා තියන ආයතන පවා මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑනේ, මේ ගැන හොද උදාහරණයක් පහුගිය දවස්වල දකින්න ඇතිනේ. මමත් ලිනක්ස් පාවිච්චි කරන්න පටන් අරගෙන සෑහෙන කාලයක් නෑ, නමුත් ලිනක්ස්වල හැකියාවන් ගැන කිව්වොත් මේ තියන මතය ගොඩක් දුරට අඩුවෙයි කියලා හිතෙනවා, මේ ඒකට ගත්ත පුංචි උත්සාහයක්.
බ්ලොග් එකට දාන්න ‘කරන්නේ කොහොමද’ කියලා Videos කීපයක්ම හැදුවා වින්ඩෝස් සහ තවත් මෘදුකාංග කීපයක් භාවිතාකරලා. ඉතින් මට හිතුනා ඒ වගේ එකක් කරන්න සම්පූර්ණයෙන්ම නිදහස් හා විවෘත මෘදුකාංග සහ ලිනක්ස් පාවිච්චි කරලා. මම පාවිච්චි කරන්නේ Linux Mint 7. මුලින්ම කරන්න ඕන වුනේ Desktop Capturing කරන්න මෘදුකාංගයක් සොයාගන්න එක. වැඩේ එච්චරම අපහසු වුනේ නෑ, Package Manager එක යොදා ගෙන පොඩි සෙවීමක් කරලා බැලුවා, අදාල මෘදුකාංග කීපයක්ම හමුවුනා, recordMyDesktop, XVidCap හා Istanbul වගේ. ඊලඟට මේවා ස්ථාපනය කරලා වැඩ කරන්නේ කොහොමද කියලා පොඩි අත්හදාබැලීමක් කලා. මේවා අතරින් මගේ නම් තේරීම වුනේ කියන gtk-recordMyDesktop මෘදුකාංගය, භාවිතයත් පහසුයි, ඒ වගේම ලැබෙන Video එකේ ගුණාත්මක බවත් ඉහලයි.
ඉතිං මම මීට පෙර TrueCrypt ගැන කරපු Video එකම නැවත ප්‍රතිනිර්මාණය කරන්න හිතුවා. නමුත් පොඩි ප්‍රශ්නයක්, recordMyDesktop හරහා ලැබෙන Video එක OGV ක්‍රමයේ එකක්, වෙබ් අඩවියට ඇතුල් කරන්න නම් ඒක FLV(ෆ්ලෑෂ් Video) එකක් බවට හරව ගන්න ඕන වුනා. මේ ගැන හොයලා බැලුවාම මෘදුකාංග කීපයක්ම හොයාගන්න පුළුවන් වුනා. හැබැයි ඒ ඔක්කොම පැත්තක තියෙද්දි පොඩි Script එකකින් මගේ වැඩේ කරගත්තා. ඔන්න ඉතින් තව ප්‍රශ්නයක්, ලැබෙන Video එක තැලිලා වගේ, input එකට දුන්නේ 16:10 අනුපාතයට තියන Video එකක් වුනාට output එක විදියට ලැබෙන්නේ 4:3 අනුපාතයේ Video එකක්. දැන් මොකද කරන්නේ. Script එකක්නේ, විවෘත කරලා බැලුවා Text Editor එකෙන්, ඔක්කොම එලිපිටම තියනවා.
Script එකේ පොඩි වෙනසක් කලා, එහෙම කිව්වට මහ ලොකු වෙනසක් නෙවෙයි, Script එකේ 1024×768 කියලා තියන තැනකට 1280×800 කියලා දැම්මා, එච්චරයි වැඩේ හරි. පහලින් තියෙන්නේ හැදුව Video එක, බලන්නකෝ කොහොමද කියලා.
ඔන්න ඔහොම තමයි මම Video එක හැදුවේ. මේක කරන්න පුළුවන් මීට වඩා හොද විධි ඇති, කැමතිනම් ඒවා ගැන මෙතන සඳහන් කරන්න.
ඔබේ ලියකියවිලි ආරක්ෂිතද?
කාලෙකින් බ්ලොග් එකෙ මොනවත් ලියන්න වෙලාවක් ලැබුනේ, පසුගිය දවස් වල වැඩ අධිකබව නිසා පැත්ත පලාතක එන්න වුනේ නෑ. කොහොම වුනත් දවස් තුනක නිවාඩුවක් ලැබුන වෙලාවෙවත් අලුතෙන් යමක් ලියන්න ඕන කියලා හිතුණා.
ගොඩක් අය තමන්ගෙ පෞද්ගලිකත්වයට කැමති, ඒ වගේම සමහර දේවල්වල රහස්‍යභාවයට, මොකද දැන් හරියට හොරු ඉන්නවනේ. මේ ලිපියට අදාල නැති වුනත් දැක්කනේ පහුගිය දවස් වල බ්ලොග් පොස්ට් හොරකම්කරන හොරු වගයකුත් අහුවුනානේ. කොහොම වුනත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ පරිඝණකට ඇතුල්වීමට මුරපදයක් දාගත්තාම ඔක්කොම හරි කියලා. නමුත් මගේ බ්ලොග් සටහන් කියවන අය දකින්න ඇති ඒ මුරපදය ලේසියෙන්ම වෙනස්කරලා පරිඝණකයට ඇතුල්වෙන පුළුවන් විධි තියනවා කියලා. මේ කියන්න යන්නේ එවැනි තත්වයන් යටතේ තමන්ගේ රහස්‍ය හෝ වටිනා ලියකියවිලි ආරක්ෂාකරගන්න පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් ගැන.
මේ මෘදුකාංගය තමයි TrueCrypt. මෙහි විශේෂත්වයන් බොහොමයි, නමුත් ඒ අතරින් ප්‍රධානම දේ තමයි මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වීම. ඒ වගේම මෙහි වඩා ශක්තිමත් AES වැනි encryption ක්‍රමත්, SHA-512 වැනි hashing ක්‍රමයනුත් භාවිතා වෙනවා. මෙමගින් තමන්ට අවශ්‍ය ලියකියවිල්ලක්, ගොනුවක් හෝ එසේත් නැතිනම් දෘඩ තැටියේ කොටසක් වුනත් ආරක්ෂාකරගත හැකියි. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ සම්පුර්ණ මෙහෙයුම් පද්ධතියම TrueCrypt මගින් ආරක්ෂාකරගත හැකි වෙනවා, නමුත් ඒ පහසුකම ඇත්තේ Windows වලට පමණයි.
Windows, Linux හා Mac OS X යන මෙහෙයුම් පද්ධති තුන සඳහාම TrueCrypt සංස්කරණයන් මෙතැනින් ලබාගත හැකී. TrueCrypt භාවිතාකරන ආකාරය දැක්වෙන සටහන බැලීමට මෙතැනින් පිවිසෙන්න, එසේත් නැත්නම් මීට අදාල පහත Video එක නරඹන්න.
TrueCrypt මෙන්ම එවැනි මෘදුකාංග තව බොහෝ ගණනක් ඇතැත් ඒවායින් සියයට අනූවකටත් වඩා නොමිලේ ලබාදෙන ඒවා නොවේ. එවැනි මෘදුකාංග වල සංසන්දනයක් මෙතැනින් බලාගන්න පුළුවන්.
විජයග්‍රහණය…
රත්නදීප ජන්මභූමි
ලංකාදීප විජයභූමි
මේ අපේ උදාර වු
මාතෘභූමියයි….
කොතරම් කාර්යබහුල වුවත් මෙවැනි ඓතිහාසික දිනයක සටහනක් නොතබාම ඉන්නට බැරිවුනා. මෙය ජීවිතයේ ප්‍රථම වරට නිදහස් ශ්‍රී ලංකාවක හිදිමින් තබන පළමු සටහන යන්න ගැන සිතන විටත් තරමක සිහිනයක් වගේ, නමුත් ඇත්තටම අද ඒ සිහිනය යථාර්තයක් වෙලා. මෙතරම් කලක් මුළු රටටම පිලිළයක් වු ඒ කුරිරු ත්‍රස්තවාදය මුළු රටෙන්ම තුරන් වෙලා, ඒ ගැන සිහියට නැගෙන විට ඇති වන හැගීම… ඒ සිතුවිල්ල වචන වලින් විස්තර කල නොහැකී.
මෙවැනි උදාරතර මොහොතක් අප රටට උදාකර දීමට ජීවිත පරිත්‍යාගයෙන් අභීතව සටන් කල හමුදාපතිවරු ප්‍රමුඛ වීරෝදාර රණවිරුවනටත්, ඒ සදහා නිසි මගපෙන්වීම ලබාදුන් ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් විශේෂයෙන්ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මගේ ප්‍රණාමය. ජය වේවා!
Airtel BB සමඟ මාසයක්
ඔන්න ඉතින් Airtel BB එක අරගෙන මාසයක් ගෙවුනා, එකේ අත්දැකීම ගැන තමයි මේ කියන්න යන්නේ. කිව්වා වගේම මාසික ගාස්තුව රුපියල් 2000කට ආසන්නයි (1500 + බදු) ඒ වුනාට ඉතින් පාඩුවක් නෑ, හිතේ හැටියට නිදහසේ පාවිච්චි කලා, මොකද FUP නෑනේ. මම හිතන විදියට 20GB ට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් පසුගිය මාසය තුල පාවිච්චි කලා, වේගයේ වෙනස්වීමක් නම් සිදුවුනේ නෑ. (Dialog එකත් FUP ඉවත් කරන්න යනවා කියල ආරංචී, බලමු ඇත්තක්ද කියලා)
සාමාන්‍යයෙන් උදෑසන කාලයෙත් (පෙරවරු 11 පමණ දක්වා) රාත්‍රී 10න් පසුවත් 1.5mbps දළ වේගයක් ලැබෙනවා, නමුත් අනෙක් අවස්ථාවලට නම් ලැබෙන්නේ 1mbps පමණ වේගයක්. සවස 4-7 අතර කාලය තුලත් 1.5mbps ට ආසන්න වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
මේ තියෙන්න උදෑසන වරුවක ලබාගත් වේග සටහන් කිහිපයක්. මෙහිදී තවත් කරුණක් සඳහන් කලයුතුයි, එනම් වේග සටහන් වලින් පෙන්වනවාට වඩා වේගයක් බාගතකිරීමේදී ලබා ගත හැකියි. ඒ බව පහත සටහන් වලින් පැහැදිලි වෙනවා.
මෙහිදී පැය 2ක පමණ කාලයක් තුලදී 1.5GB වන දත්ත ප්‍රමාණයක් බාගත කර තිබෙනවා.
ඉහත දැක්වෙන්නේ සවස 6ට පමණ IDM මගින් බාගත කිරීමකදී ලැබුනු වේගයක්. උදෑසන කාලයෙනම් බොහෝවිට ඒකාකාරී වේගයක් ලබා ගන්න පුළුවන් නමුත් අනෙක් වෙලාවන්වලදී නම් වේගයේ බොහෝ වෙනස්වීම සිදුවෙනවා.
Vuze මගින් HD Video බාගත කිරීමකදී ලැබුණු වේගයන්
කොහොම නමුත් මේ සියල්ලටම Signal තත්වය හොඳින් පැවතිය යුතුයි. මගේ සිග්නල් තත්වය නම් සාමාන්‍යයි. Signal නැත්තටම නැතිවී යන අවස්ථාත් තිබෙනවා. සාමාන්‍යයෙන් වැස්සකට පසු Signal තත්වය නැවත යථාතත්වයට පත්වීමට පැයක් වත් ගතවෙනවා.
ඔන්න ඉතින් ඔහොම තමයි පසුගිය මාසය Airtel එක්ක ගෙවිලා ගියේ.
Battle of the Maroons
කන්ද උඩරට මහ සටන ලෙස විරුදාවලිය ලත් මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවර 103වැනි වතාවටත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන මාර්තු මස 13 හා 14 යන එම දෙදින තුල අස්ගිරිය ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියට පැමිණ දෙපිලේම ක්‍රීඩකයින් දිරිමත් කිරීමට අප සැවොම එක්වෙමු.






















