Airtel BB සමඟ මාසයක්

ඔන්න ඉතින් Airtel BB එක අරගෙන මාසයක් ගෙවුනා, එකේ අත්දැකීම ගැන තමයි මේ කියන්න යන්නේ. කිව්වා වගේම මාසික ගාස්තුව රුපියල් 2000කට ආසන්නයි (1500 + බදු) ඒ වුනාට ඉතින් පාඩුවක් නෑ, හිතේ හැටියට නිදහසේ පාවිච්චි කලා, මොකද FUP නෑනේ. මම හිතන විදියට 20GB ට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් පසුගිය මාසය තුල පාවිච්චි කලා, වේගයේ වෙනස්වීමක් නම් සිදුවුනේ නෑ. (Dialog එකත් FUP ඉවත් කරන්න යනවා කියල ආරංචී, බලමු ඇත්තක්ද කියලා)

සාමාන්‍යයෙන් උදෑසන කාලයෙත් (පෙරවරු 11 පමණ දක්වා) රාත්‍රී 10න් පසුවත් 1.5mbps දළ වේගයක් ලැබෙනවා, නමුත් අනෙක් අවස්ථාවලට නම් ලැබෙන්නේ 1mbps පමණ වේගයක්. සවස 4-7 අතර කාලය තුලත් 1.5mbps ට ආසන්න වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ තියෙන්න උදෑසන වරුවක ලබාගත් වේග සටහන් කිහිපයක්. මෙහිදී තවත් කරුණක් සඳහන් කලයුතුයි, එනම් වේග සටහන් වලින් පෙන්වනවාට වඩා වේගයක් බාගතකිරීමේදී ලබා ගත හැකියි. ඒ බව පහත සටහන් වලින් පැහැදිලි වෙනවා.

මෙහිදී පැය 2ක පමණ කාලයක් තුලදී 1.5GB වන දත්ත ප්‍රමාණයක් බාගත කර තිබෙනවා.

ඉහත දැක්වෙන්නේ සවස 6ට පමණ IDM මගින් බාගත කිරීමකදී ලැබුනු වේගයක්. උදෑසන කාලයෙනම් බොහෝවිට ඒකාකාරී වේගයක් ලබා ගන්න පුළුවන් නමුත් අනෙක් වෙලාවන්වලදී නම් වේගයේ බොහෝ වෙනස්වීම සිදුවෙනවා.

Vuze මගින් HD Video බාගත කිරීමකදී ලැබුණු වේගයන්

කොහොම නමුත් මේ සියල්ලටම Signal තත්වය හොඳින් පැවතිය යුතුයි. මගේ සිග්නල් තත්වය නම් සාමාන්‍යයි. Signal නැත්තටම නැතිවී යන අවස්ථාත් තිබෙනවා. සාමාන්‍යයෙන් වැස්සකට පසු Signal තත්වය නැවත යථාතත්වයට පත්වීමට පැයක් වත් ගතවෙනවා.

ඔන්න ඉතින් ඔහොම තමයි පසුගිය මාසය Airtel එක්ක ගෙවිලා ගියේ.

අමුතුම IPTV අත්දැකීම

කවුරුත් දන්නව ඇතිනෙ IPTV සේවාව සම්බන්ධව, අපේ රටේ ඉන්න හොඳම සේවා සම්පාදකයා වන SLT වෙතින් ලංකාවේ ප්‍රථම වරට ලබා දෙන තවත් අනගිතම සේවාවක්. තවමත් මේ ගැන දන්නේ නැතිනම් මෙතැනින් බලන්නකො. පාරිභෝගිකයින්ට කවදත් හොඳින් සලකන SLT එක දැනට ADSL පාවිච්චි කරන අයට ලබා දෙන අපූරුම IPTV දීමනාව ගැන මටත් ආරංචි වුනා. ඉතින් සති අන්තයේ ගෙදර ගිය වෙලාවක මේ ගැන දැනගන්න SLT TELESHOP එකට ගොඩවුනා. බලාගෙන යද්දි අපූරුම දීමනාවක්, 4 Port Router + Set-Top Box සහ IPTV සම්බන්දතාවය යන මේ සියල්ලම රු.1000 කට( හැබැයි අවුරුදු දෙකක Contract Period එකක් ) ඉතින් තවත් බලන් ඉන්නෙ මොකද, ඒ වෙලාවෙම ඉල්ලුම්පත්‍රයක් දුන්නා.
ඔන්න ඉතින් මේ අසිරිමත් IPTV අත්දැකීම විඳගන්න බලන් ඉන්නකොට අමුතුම අත්දැකීමක් විඳගන්න ලැබුනා. මට තියෙන්නෙ 512/128kbps ADSL සම්බන්ධතාවයක්. මෙන්න බලන්නකො වෙලා තියන දෙයක්. IPTV වලට ඉල්ලුම කල දවසෙ ඉඳලා මෙහෙම තමයි.


Speedtest

Speedtest

Speedtest

Speedtest

Speedtest

Speedtest

Dial-up

Downlink Speed වත් වැඩිවෙලාද? නෑ නෑ ඒකනම් වෙනද වගේම තමයි. මෙහිදී වෙනමම 3Mbps පරාසයක් IPTV සේවාව සඳහා යොදාගත්තත් එය දත්ත ගමන් කිරීම සඳහා භාවිත වෙන්නේ නෑ.

යන්නෙ කොහෙද මල්ලෙ පොල්

පෙබරවාරි 22, 2009 by කිසංක · 14 Comments
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික 

Mobitel එකට කතා කරන්න ගිහිල්ලා ගොඩක් අයට වෙච්ච දේවල් දැකලා මටත් සිද්ධ වෙච්ච දෙයක් ගැන කියන්න හිතුනා. ඔන්න දවසක හා හාපුරා කියලා Daily Delight activate කරලා Modem එකට Sim එක දැම්මාම තමයි මතක් වුනේ APN, Access Number එහෙම දන්නෙ නැති විත්තිය. ඉතින් දෙතුන් පාරක් try කරලා යාන්තම් ඔන්න ගැණු ලමයෙක්ව Mobitel Customer Service එකෙන් set කර ගත්තා. කෙලින්ම මගේ ප්‍රශ්නය ඇහුවා, මෙන්න එයා මගෙන් අනිත් පැත්තට අහනවා Modem එක මොකක්ද කියලා. මම කිව්වා එකෙන් වැඩක් නෑ නේ, මට විස්තර කියන්න කියලා. මෙන්න ආයමත් මේ ගෑනි මට කියනවා “සර් සමහර Modem Network lock, ඒවට Sim එක වැඩ නෑ” කියලා. මම Modem කතාවක් එයාට කිව්වෙ වත් නෑ, එයා කොහෙද යන Modem එකක් අල්ලගෙන ( ඇත්තම කියනවනම ඒ Modem එක Unlock කර ගත්ත එකක් ) ඒක ගැන අහනවා. එයා ඉතින් ඇහුව ප්‍රශ්නෙට උත්තර දුන්නනම් ඉවරයිනේ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ වැඩක් නේ මේක. බැරිම තැන මම බැනගෙන බැනගෙන ගියා. අනේ පව් එයා එවා අහන්න ඉන්න බැරුවද කොහෙද හිමින්ම කැපිලා ගියා.
දැන් ඉතින් මොකද කරන්නෙ, වෙලාවට කාලිංග අයියා Online හිටියා. බලද්දි Access Number එක විතරක් ඇති. ඒකත් *99# කියන Universal HSPA Number එක. මට මං ගැනම ලැජ්ජයි, ඕවා අපි දැනගෙන ඉන්න ඕන දේවල්. අපරාදෙ අර ගැණු ලමයට බැනපු වචන ටික…

නිදහස සොයා Airtel වෙත ගියෙමි

ඉවසලා ඉවසලා බැරිම තැන ගියා Airtel එක පැත්තෙ HSDPA සම්බන්ධතාවයක් ලබා ගන්න. මම මෙච්චර කාලයක් භාවිතා කලේ Dialog HSDPA සම්බන්ධතාවයක්, ඒක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ, එච්චරකට ඉස්තරම්. යාන්තම සතියක් විතර හිත හොඳින් අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්, ඊට පස්සෙ වෙන දේ කවුරුත් දන්නවනේ. දවසකට රුපියල් 100 ගානේ කඩා ගෙන වේගය අඩු නොකරන විධියක් තිබුනත් තවමත් රැකියා විරහිත නිසාත් ගෙදර තියන SLT ADSL එක තියා ගන්න ඕන නිසා ඒ වැඩේ අතහැරල දැම්මා. ඔය අතරෙ තමයි Airtel අයගෙ සීමාරහිත සම්බන්ධතවයක් තියනවා කියල දැනගත්තේ. ඒකවත් try කරලා බලන්න හිතාගෙන තමයි Airtel එකට ගොඩවුනේ. පිස්සු හැදෙනවා( ගෑනු ලමයි ටික දැක්කාම :-P )

ඔන්න ඉතින් එතන හිටපු කෙනෙක් ඒ අයගේ HSDPA ගැන විස්තර කරන්න පටන් ගත්තා. මෙතනදී තමයි මට Airtel ගැන පැහැදීමක් ඇතිවුනේ. මොකද කියනවානම් වෙන අය වගේ බොරු කිවුවෙ නෑ. “මහත්මයා, අපේ සීමාරහිත සේවාවෙ වේගය 3.6Mbps, නමුත් ඒ වේගයම ඔබට ලැබෙන්නේ නෑ, 1 – 1.5Mbps අතර වේගයක් ඔබට බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම ඉන්න ග්‍රාහකයන් ගන්න අනුවත් මෙය වෙනස් වෙන්නවා”. Dialog අයනම් ඔය ටික කියන්නෙ අතිශෝක්තියෙන්නෙ, “අපි 7.2Mbps වේගයක් ලබා දෙනවා” ( මේකෙ ඇත්ත තත්වය කාලිංග අයියගෙ බ්ලොග් එකෙන් වැඩි දුරටත් දැනගන්න පුලුවන්. බැරිම තැන ඒක 1Mbps දක්වා අඩු කලානේ ), “අපේ සම්බන්ධතාවය සීමරහිතයි” ( FUP එක සමග සීමාරහිත වීම ගැන මට නම් හිතා ගන්න බෑ ).

කොහොම හරි සිම් එකක් අරගෙන ඇවිල්ලා දාලා බැලුවා. නරකම නෑ, කිව්වා වගෙම 1Mbps විතර ලැබෙනවා. Upload වේගයත් Dialog එකට වැඩිය නම් හොඳයි. ඒත් ඉතින් පොඩි පොඩි අඩුපාඩුත් තියනවා. රාත්‍රී 9 ට පසුවනම් වේගය සෑහෙන්න අඩු වෙනවා, සාමාන්‍යයෙන් 300 – 400Kbps විතර තමා ලැබෙන්නේ. වේගයේ අඩු වැඩිවීමුත් නැත්තෙමත් නෑ.

වැඩි විස්තර කියන්න තවම කල් මදි. ඉදිරියේදි තවත් මේ ගැන කතා කරන්න පුලුවන්, මොකද තාම මේක ඇත්තටම සීමාරහිතද කියලා දන්නෙ නෑ නේ. ( FUP නම් නැති බව තමයි කියන්නේ, පාවිච්චි කරලම බලමු ) තවත් දෙයක් කියන්න අමතක වුනා. Dialog එකෙන් දෙන Huawei E220 මොඩෙම් එක Unlock කිරීම පිළිබදව හොඳ විස්තරයක් ගයන්ත මල්ලිගෙ බ්ලොග් එකේ තියනවා. ඒ නිසා දැනට Dialog පාවිච්චි කරන අයට Airtel try කරල බලන්න ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

තමන්ගේ පරිඝණකය තුල තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යමු.

ඔය වැඩක් නැතුව ඔහේ අන්තර්ජාලය අත පත ගගා ඉන්න වෙලාවක හම්බුනානේ නියම වෙබ් අඩවියක්. මේකේ නම තමයි DynDns.com. මේ ගැන වැඩි දුරටත් සොයද්දි තමයි දැනගත්තෙ මේ වෙබ් අඩවිය හරහා නියම වැඩ කරගන්න පුලුවන් කියලා. ඔන්න ඉතින් ඒවගෙන් එකක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. කවුද අකමැති තමන්ගෙම කියලා වෙබ් අඩවියක් පවත්වගෙන යන්න. ඒ වගේම ඒ වෙබ් අඩවිය තමන්ගෙ පරිඝණකයේ පවත්වගෙන යන්න පුලුවන්නම්, කවුද අකමැති වෙන්නේ.දැන් ඉතින් ගොඩක් අය ගාව පුළුල් පරාස අන්තර්ජාල පහසුකම් තියනවනේ, ඒ නිසා මේක එතරම් අපහසු කටයුත්තක් නෙවෙයි. Dial-up සම්බන්ධතාවයක් තියන අයටත් මේක කරලා බලන්න පුලුවන්. නමුත් ඉතින් මෙතනදී ඒ අයට තියන ප්‍රශ්නය තමයි තමන්ගෙ සම්බන්ධතාවය ක්‍රියාත්මක තත්වයේ තැබීමට සිදුවීම. එම නිසා ඔවුන්ට නම් මෙය ප්‍රායෝගික ලෙස දුෂ්කර කටයුත්තක්.

පළමුව අපගේ වෙබ් අඩවිය සඳහා ඩොමේන් නාමයක් ලබා ගත යුතු වෙනවා. මෙහිදී අප සතු ඩොමේන් නාමයක් හෝ DynDns මඟින් ලබා දෙන ඩොමේන් නාමයක් භාවිත කල හැකියි. සාමාන්‍යයෙන් අන්තර්ජාල සේවා සපයනෙකු අන්තර්ජාලයේ සැරිසැරීමට අපහට ලබා දෙන්නේ Dynamic IP ලිපිනයන්. නමුත් වෙබ් අඩවියක් තම පරිඝනකය තුල පවත්වාගෙන යාමට නම් Static IP ලිපිනයක් තිබිය යුතුයි. මෙන්න මෙම අවස්ථාවෙදී ඉහත හිඩැස පිරවීම DynDns මඟින් බාරගන්නවා. එය සිදුකරන්නේ DynDns මගින් නොමිලේ ලබා දෙන DynDns Updater නැමැති ග්‍රාහක මෘදුකාංගය මඟිනී. මෙහිදී සිදුවන්නෙ DynDns හී DNS සර්වරයෙ අපගේ ඩොමෙන් නාමයට අදාල IP ලිපිනය ලෙස සේවා සම්පාදකයා විසින් අපහට ලබා දුන් IP ලිපිනය යාවත්කාලීන කිරීමයි. අපහට අලුත් IP ලිපිනයක් ලැබෙන හැම වාරයක් පාසාම මෙම යාවත්කාලීන වීම සිදුවෙනවා. මේ නිසා අපහට කුමන IP ලිපිනයක් ලැබුණත් ඉහත ක්‍රියාදාමය මඟින් අපගේ ඩොමේන් නාමයට අදාල IP ලිපිනය කළමනාකරණය කර ගන්නවා.

මෙහිදී තවත් කරුණක් මතක් කල යුතුයි, එනම් සමාන්‍යයෙන් අපගෙ අන්තර්ජාල සම්බන්ධතාවල Upload වේගය Download වේගයට වඩා ඉතාමත් අඩුයි. නමුත් වෙබ් සර්වරයක් පවත්වගෙන යාමට නම් හොඳ Upload වේගයක් තිබිය යුතුයි. එමනිසා තම පරිඝනකය තුල පවත්වගෙන යන වෙබ් අඩවිය පිටු කිහිපයකින් සමන්විත කුඩා එකක් වීම වඩා යෝග්‍යයි. එමෙන්ම අන්තර්ජාලය තුල තම පරිඝනකය විශේෂිතව හඳුනාගැනීම සඳහාත් මෙය භාවිත කල හැකියි.

මීට අදාල වීඩියෝව නරඹන්න…කරන්නේ කොහොමද?