Battle of the Maroons
කන්ද උඩරට මහ සටන ලෙස විරුදාවලිය ලත් මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවර 103වැනි වතාවටත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන මාර්තු මස 13 හා 14 යන එම දෙදින තුල අස්ගිරිය ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියට පැමිණ දෙපිලේම ක්‍රීඩකයින් දිරිමත් කිරීමට අප සැවොම එක්වෙමු.

මගේ සිංහල බ්ලොග් එක!
හ්ම් ඇති යාන්තන්, කාලෙක ඉදන් තිබ්බ බලාපොරොත්තුවක් සඵල කරගන්න පුළුවන් වුනා. මොකද කියනවානම් සිංහල බ්ලොග් එකක් පටන් ගන්න මටත් ආසාවක් තිබ්බා. ඒ වුනාට මම ටිකක් කම්මැලි, ඒ නිසා වැඩේ ටික ටික කල්ගියා. රුක්ෂාන් කොත්වල සහෝදරයා නොහිටින්න මගේ වැඩේ තාමත් මග. එයා තමයි මාව දිරිමත් කලේ “මචං අදවත් බ්ලොග් එක දාමු නේද” කිය කියා. ඔන්න එහෙනම් ඒකත් හරි.
වෙලාවක් ලැබුනාම මම මෙකේ මොන මොනවා හරි ලියන්නම්. ගොඩක්ම තාක්ෂණික දේවල් තමා ලියන්න බලාපොරොත්තු වෙන්නේ, හැබැයි ඒවා එක්කම ඔය වල්පල් එහෙමත් තියෙයි. ඉතින් ඔය වැඩක් නැති වෙලාවට මේ පැත්තෙ ඇවිල්ලා, තියන දෙයක් කියවලා බලලා ඔයාලගේ ප්‍රතිචාර දක්වන්න.


