ලිනක්ස් වලිනුත් පුළුවන්!
Filed under: අධ්‍යාපනික, ක්‍රම සහ විධි, තාක්ෂණික, නිර්මාණ, මෘදුකාංග, මෙහෙයුම් පද්ධති
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ ගොඩක් දේවල් ලිනක්ස් වලින් කරන්න බෑ කියලනේ. එක අතකින් ඒක සාධාරණයි, මොකද අපෙ රටේ තොරතුරු තාක්ෂණයේ දියුණුවට පිහිටුවා තියන ආයතන පවා මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑනේ, මේ ගැන හොද උදාහරණයක් පහුගිය දවස්වල දකින්න ඇතිනේ. මමත් ලිනක්ස් පාවිච්චි කරන්න පටන් අරගෙන සෑහෙන කාලයක් නෑ, නමුත් ලිනක්ස්වල හැකියාවන් ගැන කිව්වොත් මේ තියන මතය ගොඩක් දුරට අඩුවෙයි කියලා හිතෙනවා, මේ ඒකට ගත්ත පුංචි උත්සාහයක්.
බ්ලොග් එකට දාන්න ‘කරන්නේ කොහොමද’ කියලා Videos කීපයක්ම හැදුවා වින්ඩෝස් සහ තවත් මෘදුකාංග කීපයක් භාවිතාකරලා. ඉතින් මට හිතුනා ඒ වගේ එකක් කරන්න සම්පූර්ණයෙන්ම නිදහස් හා විවෘත මෘදුකාංග සහ ලිනක්ස් පාවිච්චි කරලා. මම පාවිච්චි කරන්නේ Linux Mint 7. මුලින්ම කරන්න ඕන වුනේ Desktop Capturing කරන්න මෘදුකාංගයක් සොයාගන්න එක. වැඩේ එච්චරම අපහසු වුනේ නෑ, Package Manager එක යොදා ගෙන පොඩි සෙවීමක් කරලා බැලුවා, අදාල මෘදුකාංග කීපයක්ම හමුවුනා, recordMyDesktop, XVidCap හා Istanbul වගේ. ඊලඟට මේවා ස්ථාපනය කරලා වැඩ කරන්නේ කොහොමද කියලා පොඩි අත්හදාබැලීමක් කලා. මේවා අතරින් මගේ නම් තේරීම වුනේ කියන gtk-recordMyDesktop මෘදුකාංගය, භාවිතයත් පහසුයි, ඒ වගේම ලැබෙන Video එකේ ගුණාත්මක බවත් ඉහලයි.
ඉතිං මම මීට පෙර TrueCrypt ගැන කරපු Video එකම නැවත ප්‍රතිනිර්මාණය කරන්න හිතුවා. නමුත් පොඩි ප්‍රශ්නයක්, recordMyDesktop හරහා ලැබෙන Video එක OGV ක්‍රමයේ එකක්, වෙබ් අඩවියට ඇතුල් කරන්න නම් ඒක FLV(ෆ්ලෑෂ් Video) එකක් බවට හරව ගන්න ඕන වුනා. මේ ගැන හොයලා බැලුවාම මෘදුකාංග කීපයක්ම හොයාගන්න පුළුවන් වුනා. හැබැයි ඒ ඔක්කොම පැත්තක තියෙද්දි පොඩි Script එකකින් මගේ වැඩේ කරගත්තා. ඔන්න ඉතින් තව ප්‍රශ්නයක්, ලැබෙන Video එක තැලිලා වගේ, input එකට දුන්නේ 16:10 අනුපාතයට තියන Video එකක් වුනාට output එක විදියට ලැබෙන්නේ 4:3 අනුපාතයේ Video එකක්. දැන් මොකද කරන්නේ. Script එකක්නේ, විවෘත කරලා බැලුවා Text Editor එකෙන්, ඔක්කොම එලිපිටම තියනවා.
Script එකේ පොඩි වෙනසක් කලා, එහෙම කිව්වට මහ ලොකු වෙනසක් නෙවෙයි, Script එකේ 1024×768 කියලා තියන තැනකට 1280×800 කියලා දැම්මා, එච්චරයි වැඩේ හරි. පහලින් තියෙන්නේ හැදුව Video එක, බලන්නකෝ කොහොමද කියලා.
ඔන්න ඔහොම තමයි මම Video එක හැදුවේ. මේක කරන්න පුළුවන් මීට වඩා හොද විධි ඇති, කැමතිනම් ඒවා ගැන මෙතන සඳහන් කරන්න.
Password අමතකද?
Filed under: ක්‍රම සහ විධි, තාක්ෂණික, මෘදුකාංග, මෙහෙයුම් පද්ධති
Password අමතකද? නැත්නම් දන්නේ නැද්ද? ඔන්න එහෙනම් ඒකට පොඩි විසදුමක් තියනවා. මේ ගැන පලකරන්න හිතුනෙ මගේ යාළුවෙක්ට සිදුවෙච්ච පොඩි ඇබැද්දියක් නිසා. එයාගෙ Windows Password එක අමතක වෙලා ( මිනිහා වැඩිහොඳට කියලා කාටවත් Guess කරන්න බැරි Password එකක් දාලා ) බැරිම තැන Computer එක Format කරන්න යනවා. ඉතින් මේවගේ ප්‍රශ්න වලට විසදුම Computer එක Format කරන එකම නෙවෙයි, විසදුම ගොඩක් තියනවා. ඒවාගෙන් එකක් තමයි ERD Commander කියන Tool Set එක.
මේක ISO Image එකක් විදියට තමා තියෙන්නේ. ඒක CD එකකට write කරගෙන හරි USB එකකට දාගෙන අවශ්‍ය වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. Password වෙනස් කරන්න විතරක් නෙවෙයි ගොඩක්ම Windows Trouble-Shooting වලට පාවිච්චි කරන්න පුලුවන්.
කියනවට වඩා හොඳයිනෙ මේක වෙන හැටි බලාගන්නම තියනවනම්. මෙතනින් බලාගන්න කරන්නේ කොහොමද කියලා.
මම මේක කරලා තියෙන්නේ VirtualBox වල ඉදගෙන, ඒ නිසා ඇත්තටම කරද්දී මීට වඩා ටිකක් වෙනස් වෙන්න පුලුවන්.






