Airtel BB සමඟ මාසයක්

ඔන්න ඉතින් Airtel BB එක අරගෙන මාසයක් ගෙවුනා, එකේ අත්දැකීම ගැන තමයි මේ කියන්න යන්නේ. කිව්වා වගේම මාසික ගාස්තුව රුපියල් 2000කට ආසන්නයි (1500 + බදු) ඒ වුනාට ඉතින් පාඩුවක් නෑ, හිතේ හැටියට නිදහසේ පාවිච්චි කලා, මොකද FUP නෑනේ. මම හිතන විදියට 20GB ට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් පසුගිය මාසය තුල පාවිච්චි කලා, වේගයේ වෙනස්වීමක් නම් සිදුවුනේ නෑ. (Dialog එකත් FUP ඉවත් කරන්න යනවා කියල ආරංචී, බලමු ඇත්තක්ද කියලා)

සාමාන්‍යයෙන් උදෑසන කාලයෙත් (පෙරවරු 11 පමණ දක්වා) රාත්‍රී 10න් පසුවත් 1.5mbps දළ වේගයක් ලැබෙනවා, නමුත් අනෙක් අවස්ථාවලට නම් ලැබෙන්නේ 1mbps පමණ වේගයක්. සවස 4-7 අතර කාලය තුලත් 1.5mbps ට ආසන්න වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ තියෙන්න උදෑසන වරුවක ලබාගත් වේග සටහන් කිහිපයක්. මෙහිදී තවත් කරුණක් සඳහන් කලයුතුයි, එනම් වේග සටහන් වලින් පෙන්වනවාට වඩා වේගයක් බාගතකිරීමේදී ලබා ගත හැකියි. ඒ බව පහත සටහන් වලින් පැහැදිලි වෙනවා.

මෙහිදී පැය 2ක පමණ කාලයක් තුලදී 1.5GB වන දත්ත ප්‍රමාණයක් බාගත කර තිබෙනවා.

ඉහත දැක්වෙන්නේ සවස 6ට පමණ IDM මගින් බාගත කිරීමකදී ලැබුනු වේගයක්. උදෑසන කාලයෙනම් බොහෝවිට ඒකාකාරී වේගයක් ලබා ගන්න පුළුවන් නමුත් අනෙක් වෙලාවන්වලදී නම් වේගයේ බොහෝ වෙනස්වීම සිදුවෙනවා.

Vuze මගින් HD Video බාගත කිරීමකදී ලැබුණු වේගයන්

කොහොම නමුත් මේ සියල්ලටම Signal තත්වය හොඳින් පැවතිය යුතුයි. මගේ සිග්නල් තත්වය නම් සාමාන්‍යයි. Signal නැත්තටම නැතිවී යන අවස්ථාත් තිබෙනවා. සාමාන්‍යයෙන් වැස්සකට පසු Signal තත්වය නැවත යථාතත්වයට පත්වීමට පැයක් වත් ගතවෙනවා.

ඔන්න ඉතින් ඔහොම තමයි පසුගිය මාසය Airtel එක්ක ගෙවිලා ගියේ.

අමුතුම IPTV අත්දැකීම

කවුරුත් දන්නව ඇතිනෙ IPTV සේවාව සම්බන්ධව, අපේ රටේ ඉන්න හොඳම සේවා සම්පාදකයා වන SLT වෙතින් ලංකාවේ ප්‍රථම වරට ලබා දෙන තවත් අනගිතම සේවාවක්. තවමත් මේ ගැන දන්නේ නැතිනම් මෙතැනින් බලන්නකො. පාරිභෝගිකයින්ට කවදත් හොඳින් සලකන SLT එක දැනට ADSL පාවිච්චි කරන අයට ලබා දෙන අපූරුම IPTV දීමනාව ගැන මටත් ආරංචි වුනා. ඉතින් සති අන්තයේ ගෙදර ගිය වෙලාවක මේ ගැන දැනගන්න SLT TELESHOP එකට ගොඩවුනා. බලාගෙන යද්දි අපූරුම දීමනාවක්, 4 Port Router + Set-Top Box සහ IPTV සම්බන්දතාවය යන මේ සියල්ලම රු.1000 කට( හැබැයි අවුරුදු දෙකක Contract Period එකක් ) ඉතින් තවත් බලන් ඉන්නෙ මොකද, ඒ වෙලාවෙම ඉල්ලුම්පත්‍රයක් දුන්නා.
ඔන්න ඉතින් මේ අසිරිමත් IPTV අත්දැකීම විඳගන්න බලන් ඉන්නකොට අමුතුම අත්දැකීමක් විඳගන්න ලැබුනා. මට තියෙන්නෙ 512/128kbps ADSL සම්බන්ධතාවයක්. මෙන්න බලන්නකො වෙලා තියන දෙයක්. IPTV වලට ඉල්ලුම කල දවසෙ ඉඳලා මෙහෙම තමයි.


Speedtest

Speedtest

Speedtest

Speedtest

Speedtest

Speedtest

Dial-up

Downlink Speed වත් වැඩිවෙලාද? නෑ නෑ ඒකනම් වෙනද වගේම තමයි. මෙහිදී වෙනමම 3Mbps පරාසයක් IPTV සේවාව සඳහා යොදාගත්තත් එය දත්ත ගමන් කිරීම සඳහා භාවිත වෙන්නේ නෑ.

නිදහස සොයා Airtel වෙත ගියෙමි

ඉවසලා ඉවසලා බැරිම තැන ගියා Airtel එක පැත්තෙ HSDPA සම්බන්ධතාවයක් ලබා ගන්න. මම මෙච්චර කාලයක් භාවිතා කලේ Dialog HSDPA සම්බන්ධතාවයක්, ඒක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ, එච්චරකට ඉස්තරම්. යාන්තම සතියක් විතර හිත හොඳින් අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්, ඊට පස්සෙ වෙන දේ කවුරුත් දන්නවනේ. දවසකට රුපියල් 100 ගානේ කඩා ගෙන වේගය අඩු නොකරන විධියක් තිබුනත් තවමත් රැකියා විරහිත නිසාත් ගෙදර තියන SLT ADSL එක තියා ගන්න ඕන නිසා ඒ වැඩේ අතහැරල දැම්මා. ඔය අතරෙ තමයි Airtel අයගෙ සීමාරහිත සම්බන්ධතවයක් තියනවා කියල දැනගත්තේ. ඒකවත් try කරලා බලන්න හිතාගෙන තමයි Airtel එකට ගොඩවුනේ. පිස්සු හැදෙනවා( ගෑනු ලමයි ටික දැක්කාම :-P )

ඔන්න ඉතින් එතන හිටපු කෙනෙක් ඒ අයගේ HSDPA ගැන විස්තර කරන්න පටන් ගත්තා. මෙතනදී තමයි මට Airtel ගැන පැහැදීමක් ඇතිවුනේ. මොකද කියනවානම් වෙන අය වගේ බොරු කිවුවෙ නෑ. “මහත්මයා, අපේ සීමාරහිත සේවාවෙ වේගය 3.6Mbps, නමුත් ඒ වේගයම ඔබට ලැබෙන්නේ නෑ, 1 – 1.5Mbps අතර වේගයක් ඔබට බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම ඉන්න ග්‍රාහකයන් ගන්න අනුවත් මෙය වෙනස් වෙන්නවා”. Dialog අයනම් ඔය ටික කියන්නෙ අතිශෝක්තියෙන්නෙ, “අපි 7.2Mbps වේගයක් ලබා දෙනවා” ( මේකෙ ඇත්ත තත්වය කාලිංග අයියගෙ බ්ලොග් එකෙන් වැඩි දුරටත් දැනගන්න පුලුවන්. බැරිම තැන ඒක 1Mbps දක්වා අඩු කලානේ ), “අපේ සම්බන්ධතාවය සීමරහිතයි” ( FUP එක සමග සීමාරහිත වීම ගැන මට නම් හිතා ගන්න බෑ ).

කොහොම හරි සිම් එකක් අරගෙන ඇවිල්ලා දාලා බැලුවා. නරකම නෑ, කිව්වා වගෙම 1Mbps විතර ලැබෙනවා. Upload වේගයත් Dialog එකට වැඩිය නම් හොඳයි. ඒත් ඉතින් පොඩි පොඩි අඩුපාඩුත් තියනවා. රාත්‍රී 9 ට පසුවනම් වේගය සෑහෙන්න අඩු වෙනවා, සාමාන්‍යයෙන් 300 – 400Kbps විතර තමා ලැබෙන්නේ. වේගයේ අඩු වැඩිවීමුත් නැත්තෙමත් නෑ.

වැඩි විස්තර කියන්න තවම කල් මදි. ඉදිරියේදි තවත් මේ ගැන කතා කරන්න පුලුවන්, මොකද තාම මේක ඇත්තටම සීමාරහිතද කියලා දන්නෙ නෑ නේ. ( FUP නම් නැති බව තමයි කියන්නේ, පාවිච්චි කරලම බලමු ) තවත් දෙයක් කියන්න අමතක වුනා. Dialog එකෙන් දෙන Huawei E220 මොඩෙම් එක Unlock කිරීම පිළිබදව හොඳ විස්තරයක් ගයන්ත මල්ලිගෙ බ්ලොග් එකේ තියනවා. ඒ නිසා දැනට Dialog පාවිච්චි කරන අයට Airtel try කරල බලන්න ප්‍රශ්නයක් වෙන්නේ නෑ.